news

ads

Monday, February 20, 2012

ජනපති තංගල්ලේ ධීවරයන් හමුවේ..


ධීවර ක්‌ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සලසාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඊයේ (20) තංගල්ල ධීවර වරායේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් පවසා ඇත. ධීවර කර්මාන්තයේ නියුතුවූවන්ගේ සුබසාධනය සමගින් එම ප්‍රජාවගේ ගැටලු විසඳීමට මේවනවිටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනපති එහිදී පවසා ඇත. ධීවරයන්ව උසි ගන්වා තමන්ගේ පටු පරමාර්ථ මුදුන් පත් කරගැනීම සඳහා ඇතැම් පිරිස්‌ මේ මොහොතේදී දරන උත්සාහය වෙනුවෙන් කිසිදු සහායක්‌ නොදක්‌වන බවත් පැවසූ ධීවරයෝ ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබමින් තම ධීවර වෘත්තිය කර ගෙන යැම සඳහා දෙනු ලබන සහනය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා සිටින බව පවසා ඇත









මිල ඉහළ නොදැමීමට නම් බදු සහනයක් ලබා දෙන්න – සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය

bekary-productsබේකරි නිෂ්පාදන මිල ඉහළ නොදැමීමට නම් වහාම බදු සහනයක් ලබාදිය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කරයි. එම සංගමයේ සභාපති සභාපති එන්.කේ ජයවර්ධන පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාම නිසා බේකරි හිමියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි. මිල ඉහළ නැංවීමකින් තොරව කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බව ද හෙතෙම අවධාරණය කරයි.

රජය ලබා දෙන භූමිතෙල් සහනාධාරය සාර්ථක නෑ – සමෘද්ධි නිලධාරීන්

samurdhiරජය විසින් අඩු ආදායම්ලාභී පවුල් සදහා භූමිතෙල් සහනාධාරයක් ලබාදීමට රජය කි‍්‍රයාත්මක කල වැඩපිලිවෙල සාර්ථක නොවන බව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි. අදාල සහනාධාරය යටතේ එක් පවුලක් සදහා දිනකට රුපියල් 6 යි දශත 66 ක පමණ මුදලක් හිමිවන ඔවුන් අවධාරණය කරයි. 2008 වර්ෂයේ දී මෙවැනිම සහානාධාර වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක වුණද එය ද අසාර්ථක වූ බව පවසන සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සහනාධාර වෙනුවට ඉන්ධන මිල පහත හෙලීමට රජය කි‍්‍රයා කල යුතු බව පවසයි.

ධීවරයෝ යළි මුහුදු යාමට තීරණය කරයි..

fishermansහලාවත හා මීගමුව ප්‍රදේශවල ධීවරයින් අද (21) දින සිට නැවතත් ධීවර කටයුතුවල යෙදීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. ඊයේ (20) රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සහ ආණ්ඩුවේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව එම ධීවරයින් මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා සහ ආණ්ඩුවේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව එම ධීවරයින් මෙම තීරණයට එළඹ ඇති බව පවසයි.




.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...