news

ads

Sunday, February 19, 2012

ආණ්ඩුව හත් පොළේ ගාගත්තා-මිහින් ලංකා වසාදැමිය යුතුයි

ආණ්ඩුවේ ආර්ථික සැලසුම්වල පවත්නා ගැටලු පිළිබඳ මාස ගණනක් තිස්සේ කියා සිටියද ඒ පිළිබඳ තැකීමක් නොකළ හෙයින් මෙවැනි අර්බුදයකට මුහුණපාන්නට සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. 

ආණ්ඩුව මේවන විට හත් පොළේ ගාගෙන ඇතත් ඒ පිළිබඳ තමන්ට ගැටලුවත් නැති බවත්,ගැටලුව ඇත්තේ ඒ බර සාමාන්‍ය ජනතාව මත පැටවීම නිසා ජනතාවට පහරවැදීම නිසා බවත් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියි. 

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළගොස් නැති බවත්,සිදුව ඇත්තේ ආණ්ඩුවට නිසි ආර්ථික සැලසුමක් හෝ කළමනාකරණයක් නොමැති බවත් යැයි මන්ත්‍රීවරයා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

අනවශ්‍ය ලෙස ආණ්ඩුවේ ආයතනවලට දුන් පොලී අනුපාත හා රුපියලේ අගය කෘතීමව අධිප්‍රමාණය කිරීමට කටයුතු කළ බැවින් මෙහෙව් අර්බුදයක් නිර්මාණය වූ බව හෙතෙම අවධාරණය කළේය. 

භූමි තෙල් මිල අධික ලෙස ඉහළයාම නිසා අඩු ආදායම් ලාභී ග්‍රාමීය ජනතාව මෙන්ම වතුකරයේ ජනයා බලවත්සේ පීඩාවට පත්ව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. 

භූමිතෙල් සහනාධාරයක් ලබාදීමට ආණ්ඩුව විසින් මේ වන පියවර ගනිමින් සිටීම ‍වැදගත් නමුත් රුපියල් 200 ක් වැනි සුළු මුදලක් ගෙවීමෙන් පමණක් එය සහනාධාරයක් නොවන බවත්,එහෙව් සුළු මුදලකින් අද වන විට කළ හැකි යමක් නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

මේවන විට පාඩු ලබන පුද්ගලික ආයතන පවා රජයට පවරාගෙන ඒ බරද ජනතාව මත පටවා ඇති බවත්,ආණ්ඩුවේ පාඩු ලබන ආයතන වසා දමා හෝ ජනතාවට සහන ලබාදිය යුතු බව හෙ‍තෙම කියා සිටියේය. 

මිහින් ලංකා සමාගම පසුගිය මාස කිහිපය තුළ කෝටි 1400 ක් පාඩු ලබා ඇති බවත්,එය වසා දැමිය යුතු බවත්,අද දවසේ එය වසා දමනු ලැබුවහොත් අවම වශයෙන් තව මාස 3 න් පමණ ජනතාවට සහන මිලට පරිප්පු ටිකක් හෝ මිලදී ගත හැකිවනු ඇති බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...