news

ads

Sunday, February 19, 2012

ලංකාවේ හැඩේගත් තවත් දූපතක්


2012 පෙබරවාරි 19 වෙනි ඉරිදා, 16:20 Sri Lanka Mirror

ශී‍්‍ර ලංකාවේ හැඩය ගත් තවත් දූපතක් තිබේ.

එය පිහිටා ඇත්තේ දකුණු චීන මුහුදේය. එය හයිනැන් ලෙස හැදින් වේ.

චීන මහජන සමූහ ආණ්ඩුවේ පාලනය යටතේ පවතින මේ කුඩා දූපත ලංකාවට වඩා කුඩා එකකි.

එහි වපසරිය වර්ග කිලෝ මීටර් 33,920 කි.

එම දූපතේ 8,671,518 ක ජනගහනයක් ජීවත් වේ.

චීනයේ කුඩාම පාලන ඒකකය වන මෙය චීනය සතු විශාලතම දූපත ද වීම විශේෂිතය.

මෙම දූපත හයිකුයි බ‍්‍රයින්, හයිතුම්, මැකුන්, හයිනැන් හා බසුයෝ යන ප‍්‍රධාන වරායවල් පහකින් සමන්විත වේ.

කාර්මිකකරණයට හසු නොවූ ප‍්‍රදේශයක් ලෙස සැලකෙන මෙම ප‍්‍රදේශය සංචාරකයින්ගේ ද ආකර්ශනය දිනාගත් ප‍්‍රදේශයකි.

හයිනැන් හි ඓතිහාසික නගර ද කිහිපයක් තිබෙන අතර ඒ අතර පැරණි පන්සල්ද පහක් වන බව පැවසේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...