news

ads

Saturday, February 18, 2012

මැද පෙරදිග ශ්‍රී ලාංකීකයින්ට මොබිටෙල් පැකේජයක්.


මැද පෙරදිග ශ්‍රී ලාංකීකයින්ට මොබිටෙල් පැකේජයක්.
මැද පෙරදිග බලා පිටත්ව යන හා ආපසු ලැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා නොමිලේ දුරකථන පැකේජයක් ලබාදීමට මොබිටෙල් ආයතනය කටයුතුකර තිබේ.

එසේ නොමිලේ ලබා දෙන මොබිටෙල් සබඳතාවයේ ප්‍රථම සිම්කාඩ්පත ඊයේ(17) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් පිරිනැමිණි.

සිංගප්පූරු නිල සංචාරය නිමවා දිවයිනට පැමිණි ජනාධිපතිවරයා ගුවන් තොටුපලේ දී මෙම අවස්ථාවට එක් විය.

‘ආචාර’ නමින් හැඳින්වෙන මෙම පැ‍කේජය මැද පෙරදිග බලා යන ශ්‍රමිකයින් සඳහා පිටත්ව යන සහ නැවත පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට ද නොමිලේ ලබා දීම විශේෂත්වයකි.

මැද පෙරදිග සේවය කරන අතරතුර ශ්‍රී ලංකාවේ සිටින තම ඥාතී හිතවතුන්ට තමන් පිළිබඳ තොරතුරු ලබාදීමේ අවස්ථාව මෙමඟින් උදාවන බැවින් ඔවුන්ට එය ඉතා වැදගත්වන බව මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා පවසයි.

අදාළ නව සබඳතා කටුනායක ගුවන් තොටුපලේ ඇති මොබිටෙල් ශාඛා කාර්යාල මඟින් මෙන්ම මොබිටෙල් මධ්‍යස්ථානවලින් නොමිලේ ලබාගැනීමේ පහසුකම් සලසා තිබේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...