news

ads

Tuesday, February 21, 2012

තෙල්මිල ඉහළ දැමීමට විරුද්ධව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙන් දැවැන්ත විරෝධතාවයක්.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා IMF එක්ව ජනතාව පීඩාවට ලක් කරගෙන සිදු කරගෙන යනු ලබන අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට එරෙහිවත්, පසුගියදා අධික ලෙස තෙල් මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තුද විදුලි ගාස්තුද වැඩි කිරීමටත් එරෙහිව විරෝධය පල කිරීමට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කටයුතු කර ඇති බව එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.එහි මූලික පියවර ලෙස අද (21) පස්වරු 4ට කොටුව දුම්රිය පොල ඉදිරිපිට අත්පත්‍රිකා දෂ ලක්ෂයක් බෙදා හැරීමක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති‍ කේ.ඩී ලාල් කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...