news

ads

Sunday, February 19, 2012

ලාබයකුත් තියාගෙන පෙට්‍රල් 110 ට ඩීසල් 99 දෙන්න පුළුවන්

ලාබයකුත් තියාගෙන පෙට්‍රල් 110 ට ඩීසල් 99 දෙන්න පුළුවන්
ලාබයකුත් සහිතව පෙට‍්‍රල් ලීටරය රුපියල් 110කටත්, ඞීසල් ලීටරය රුපියල් 99කටත්, භූමිතෙල් ලීටරය රුපියල් 89කටත් ලබා දිය හැකි බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සති අන්ත දිවයින පුවත්පත හා සාකච්චාවකට එක්වෙමින් මේ අදහස් දක්වා ඇති මන්ත‍්‍රීවරයා මෙසේද පවසා තිබේ.

‘’2004 වසරෙදි ඩොලර් 40 ට පමණ තිබූ ලෝක තෙල් මිල ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොස්‌ 2008 මැද වනවිට ඩොලර් 142 ට ගියා වැඩිම. ඒ අනුව අපේ දේශීය තෙල් මිල ගණනුත් ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. තෙල් මිල ඩොලර් 142 ට ගියහම, මේ අය හෙජින් ගිවිසුම් එහෙම ගහල යම් යම් දේ කළා. ඉන් පසු ලෝක ආර්ථික අර්බුදයත් සමඟ ලෝක තෙල් මිල ඩොලර් 36 ට පමණ අඩුවුණා. නමුත් ලංකාවෙ තෙල් මිල එපමණටම අඩුකළේ නෑ.

නැවතත් ලෝක තෙල් මිල ක්‍රමයෙන් ඉහළ ගිහින් ගිය වසරේ (2011) අගෝස්‌තු පමණ වනවිට තෙල් මිල ඩොලර් 122 ට ඉහළ ගියා. ලෝක තෙල් මිල අඩුවන විට ඊට සරිලන ලෙස අඩු නොකළ මේ අය, තෙල් මිල වැඩිවන විට දේශීය තෙල් මිලත් තරමක්‌ වැඩිකළා. ගිය අගෝස්‌තුවලදී ඩොලර් 122 ට ඉහළ ගිය ලෝක තෙල් මිල දැන් ඩොලර් 117 යි. නමුත් මේ ආණ්‌ඩුව කවදාවත් සිදුනොවන විදිහට තෙල් මිල වැඩිකළා.

ලාභයකුත් තියාගෙන පෙට්‍රල් ලීටරය 110 ට විකුණන්න පුළුවන්. ඩීසල් ලීටරය රු.99 ට සහ භූමිතෙල් ලීටරය 89 ට විකුණන්න පුළුවන්.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...