news

ads

Monday, February 20, 2012

මානව හිමිකම් කවුන්සිල සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවක් පරාජය කිරීම සඳහා උපරිමයෙන් කටයුතු කරනව


ජිනීවා නුවර දී ඇ‍රඹෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිල සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවක් පරාජය කිරීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රටට ජයග්‍රහණය ලබාදීමට සැමවිටම කැපවන බව අද දෙරණට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසියට සමගාමීව ශ්‍රී ලංකාවට සහය ලබා ගැනීමේ ‍අරමුණින් මෙරට නියෝජිතයින් පිරිසක් ජිනිවා බලා පිටත්ව යාමට නියමිතය.

හෙට දිනයේ දිවයිනෙන් පිටත්ව යන තම කණ්ඩායම රටවල් රැසක නියෝජිතයින් සමඟ සාකච්ඡා පවත්වන බව එම නියෝජිත පිරිසේ සාමාජික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.

මෙරට සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා අමෙරිකාව ද සිය සහය පළ කරන බව මෙරට සංචාරයක නිරත වුණු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...