අද මහා ශිව රාත්රී දිනයයි. අන්න ඒක නිසා තමා නිවාඩු. මොකක්ද මේ මහා ශිව රාත්රිය? මම දැනගෙන හිටියෙත් නෑ. දන්න අය නොදන්න අය ඔක්කෝටම තමා මේ කියල දෙන්නේ. හින්දු භක්තිකයන් සමරනු ලබන මහා ශීව රාත්රීය ආරම්භය ගැන වු ජනප්රවාද නැතිනම් කතා 6ක් ගැන ප්රධාන වශයෙන් දැක්වෙනවා. කොහොම වුනත් එයින් එකක් තමා මේ. මොකද ගැලපෙන කතාව කියලා හිතෙන්නේ මේ කතාව.
හින්දු පුරාණ ග්රන්ථ තුනක් වන කුර්ම පුරාණය, වායු පුරාණය, ශිව පුරාණය යන තුනෙහිම මෙම කතාව සඳහන් වෙනවා කියලා තමා දැක්වෙන්නේ (Kurma Purana, Vayu Purana, Shiva Purana). ඈත අතීතයේදී විශ්ණු දෙවියන් හා බ්රහ්ම දෙවියන් අතර ගැටුමක් පටන් ගත්තා. ඔවුන්ගේ බලය වැඩි තමන්ගේය කියා මේ දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වු අතර පසුව එය ටිකෙන් ටික ඉතා විනාශකාරී සටනක් බවට පත්වුණා. මේ සටන යම් අවසානයකට ගෙන එන්නයි සියලු හින්දු දෙවිවරුන් ශිව දෙවියන්ගෙන් ඉල්ලා සිටි අතර එය පිලිගත් ඔහු විශ්ණු හා බ්රහ්ම අතර ඉතා විශාල වු ගින්නක් ඔහුගේ සලකුණ ලෙස දක්වන ශිවලීංගය මතින් ඇති කරන ලදි. ඉන් පසුව එම ගින්නේ අවසානයත්, උපතත් මුලින්ම සොයා දෙන්නා බලවත් බව පිළිගන්න බව ශිව දෙවියන් දෙදෙනාටම අභියෝගය ලෙස පැවසුවා.
එය ඉතාම පහසු කාර්යයක් ලෙස වටහා ගත් දෙවිවරු දෙපලගෙන් බ්රහ්ම දෙවියන් එය ''අවසානය'' සෙවීම ඉතා පහසු යයි සලකා හංස වෙසක් ගෙන ඉහල පියඹා ගිය අතර ඊට වඩා ගින්නේ ''ආරම්භය'' සෙවිම පහසු යයි සිතු විශ්ණු දෙවියන් වල් ඌරකු ලෙස වෙස් මවා ගෙන පොළව යටට යන ලදි. දෙදෙනාම පහසු යයි සිතුවත් එය ඉතාම අපහසු කාර්යයක් විය. සැතපුම් ගණන් ඇවිදිමින් උපතත්, අවසානයත් සෙව්වත් සොයා ගත නොහැකි වී තිබුනි.
බ්රහ්මගේ මේ ගමන අතර තුරදී ඔහුට ''කේතකි පුෂ්පය'' හමුවූ අතර ඔහු එය රැගෙන අවසානයේ ශීව දෙවියන් ලගට පැමිණෙන්නේ තමන් එම ගින්නේ අවසානය සොයාගත් බව එම මල පෙන්වා ශිව දෙවියන්ට බොරු කීමට සිතාගෙනයි. එහෙත් අවංකවම තම දෙදෙනාගේම බලයට වඩා ශිව දෙවියන් බලවත් බව බ්රහ්ම හා විශ්ණු දෙවියන් පිළිගන්නේ ඉතා නිහතමානීවයි. කොහෝම වුනත් ශිව දෙවියන් තමාට බොරු කීමට හිතාගෙන පැමිණි බ්රහ්ම දෙවියන්ට කිසිවකුට ඔහුට වන්දනා මාන කරන්නට එපායයි ශාප කරන අතර කේතකි පුෂ්පයට දඩුවම් ලෙස කිසිදු පුජාවකට නොගත යුතු මලක් ලෙස ප්රකාශ කරනවා. මෙසේ බල අරගලයකට පත් බ්රහ්ම හා විෂ්නු දෙවියන්ට ලෝකයේ යථාර්තය අවබෝධයට සිදු කල පරීක්ෂණය සිහිකරමින් මහාශිව රාත්රියය සමරනු ලබනවා. එදින රාත්රිය ලොව පුරා හිංදු බැතිමතුන් උපවාසයේ යෙදෙමින්, කෝවිල්හි නිදි වර්ජිතව රැය පහන් කරමින්, ශිව දෙවිඳුන්ට පුද පූජා පවත්වමින්, පහන් පූජා පවත්වමින් මෙන්ම ශීව දෙවියන්ගේ ගුණ වර්ණනා කෙරෙන දේව ස්තෝත්රව ගීතිකා ගයමින් මහා ශිව රාත්රී උත්සවය සමරනු ලබනවා.
ඉන්දියානු තමිල්නාඩුවේ ඇති තිරුවන්නාමලෙයි නැමති ශිව කෝවිල මහා ශිව රාත්රියේ ප්රධාන පහන් පුජාව පවත්වන බව සඳහන් වෙනවා. ශ්රී ලංකාවේද හින්දු කෝවිල් වල මහා ශිව රාත්රිය උත්සවශ්රීයෙන් පවත් වන අතර එයට සහභාගී වීමෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත් ඉගෙනීම් කටයුතු කරන්නන් හට මහත් ආශිර්වාදයක් වන බවත් පිලිගැනීමයි.
අපේ රටේ වගේම ලෝකයේ සියලුම හින්දු බැතිමතුන්ට ''සුභ ශිව රාත්රී දිනයක් වේවායි'' ලොවෙත් නෑ තුලින් ප්රාර්ථනා කරනවා ! ! !
news
You may also like
ads
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment