news

ads

Sunday, February 19, 2012

ටෙලි නිලියට අයුතු යෝජනා කළ සැකකරු මුදාහරියි


2012 පෙබරවාරි 19 වෙනි ඉරිදා, 10:49 Sri Lanka Mirror

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් වන ලක්‍ෂිකා ෆොන්සේකා මහත්මියට දුරකථනයෙන් බැනවැදී අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයකු නුගේගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එම්. මාසිංහ මහතා මුදාහැරීමට නියෝග කළේය.

පැමිණිලිකාර නිළිය විසින් අදාළ පැමිණිල්ල සමතයකට පත්කර ගැනීමට තීරණය කර තිබීම හේතුවෙන් මෙසේ සැකකරු මුදා හැරියේය.

මෙසේ මුදාහරිනු ලැබුවේ රාජගිරියේ යූ.ඊ. මාවතේ පදිංචි අයෙකි.

පසුගිය දිනක රාති‍්‍රයේ මෙම නිළියට දුරකතන ඇමතුමක් ලබැදී අසභ්‍ය වචනයෙන් බැණවැදී රුපියල් විසිදහසක් ලබාදෙන බව කියමින් අයුතු යෝජනාවක් කළේ යැයි ඇය මහරගම පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබිණි.

සැකකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ මෙම නඩුව පවරා තිබිණි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...