එජාප විරෝධතාවට කඳුළු ගෑස්
එජාප නායකයින් ඇතුළු පෙළපාලිකරුවෝ සීසීකඩ දිව යති
ජයලත් ජයවර්ධන රෝහලේ
ලසිත දුමින්ද - කමල් බෝගොඩ|Divaina
එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (17 වැනිදා) පස්‌වරුවේ කොළඹ කොටුව දුම්රිය පළ ඉදිරිපිට සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමත් සමඟම එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත විය.
එක්‌සත් ජාතික පක්‍ෂ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතා ව්‍යාපාරය සඳහා ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන, කළුතර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, කොළඹ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක, එජාප මහලේකම් තිස්‌ස අත්තනායක, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්ම මහත්මීන් ප්‍රධාන දෙදහසකට ආසන්න පිරිසක් සහභාගි වූහ. ඔවුහු ඊයේ පස්‌වරු 4.00 ට පමණ කොටුව දුම්රිය පළ ඉදිරිපිට සටන් පාඨ කියමින් මෙසේ විරෝධතාවයක නිරත වූහ.
උද්ඝෝෂණකරුවන් පෙළපාලියකින් ටෙලිකොම් අධිආරක්‍ෂිත කලාපයට ඇතුළුවීමට පළමුව උත්සාහ කිරීමත් සමඟම පොලිසිය ඊට ජල ප්‍රහාර එල්ල කළහ. ඉන් අනතුරුව කුපිත වූ විරෝධතාකරුවෝ ආරක්‍ෂක වැට කඩාගෙන එම කලාපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළහ. එසේම කොටුව ප්‍රදේශයේ ඉදිකර තිබූ ආරක්‍ෂක අංශ මුරකුටිවලට ද විරෝධතාකරුවන් විසින් අලාභහානි සිදුකොට තිබිණි.
එහෙත් වරින් වර නැවත සංවිධානගත වූ විරෝධතාකරුවෝ අධිආරක්‍ෂිත කලාපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ආරක්‍ෂක අංශ විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර කිහිපයක්‌ම එල්ල කරන ලදී.
මේ නිසා කොටුව, ටෙලිකොම් වටරවුම, සෙරමික් හන්දිය හා ටෙක්‌නිකල් හන්දිය දක්‌වා වූ මාර්ගවල දැඩි වාහන තදබදයක් ද ඇති වී තිබුණි. එසේම කාර්යාල වේලාවන් අවසන් කොට කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයට හා බස් නැවතුම්පළට පැමිණෙමින් සිටි දහස් සංඛ්‍යාත සේවක සේවිකාවෝ මේ නිසා දැඩි දුෂ්කරතාවකට ද පත්වූහ.
කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලට ලක්‌වූ මගීන් දැඩි අසීරුතාවකට ලක්‌ව සිටිනු අයුරු දක්‌නට ලැබිණි. ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ කොටුව පිටකොටුව, ටෙක්‌නිකල් හන්දිය දක්‌වා වූ මාර්ගය වසා තැබීමට පොලිසිය පියවර ගත්හ. එසේම එම දෙපස තිබූ වෙළෙඳ සල් ද වසා දැමීමට වෙළෙන්ෙ¹a කටයුතු කළහ.
පොලිසියේ කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ උද්ඝෝෂකයන් හිස්‌ලූලු අත දිව යනු අයුරුද දක්‌නට ලැබුණි. එසේ දිව ගිය අතර එජාපයේ ප්‍රබල නායකයෝද වූහ.
ඉන්ධන මිල ඉහළ යැමට හා ජීවන වියදම අඩු කරන ලෙසට රජයට බල කරමින් "පවුල් විඳියි - අප විඳවයි", උරුමය නාමල්ට - කරුමය ජනතාවට", තෙල් මිල අඩු කරනු" යන සටන් පාඨ සඳහන් පුවරු රැගෙන ඔවුහු මෙසේ විරෝධතා ව්‍යාපාරයේ නිරත වූහ.
මෙම සිද්ධියත් සමඟම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිසිය, කැරලි මර්දන කණ්‌ඩායම්, විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ඊයේ (17) රාත්‍රිය වන විටත් කොළඹ කොටුව ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටියහ.
ඡායාරූප - කමල් බෝගොඩ

No comments:
Post a Comment