''ජේසුනේ, මගේ සැමියා මැරූ අයට දඬුවම් දෙන්න'' - ඇන්ටනිගේ බිරිඳ
ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව හලාවත පැවැති උද්ඝෝෂණයේදී වෙඩි පහරට ලක්‌ව මියගිය, හලාවත ධීවර කාර්මික ඩබ්ලිව්. ඇන්ටන් ප්‍රනාන්දු මහතාගේ බිරීඳ වන නිලූකා සුදර්ශනී සිය ස්‌වාමි පුරුෂයාගේ හදිසි අභාවය අදහා ගත නොහැකිව කම්පනයට පත්ව, තම සැමියා ඝාතනය කල අයට දඩුවම් දෙන ලෙස ඉල්ලමින් අදෝනා නගමින් සිටියි.
'' මම මෙහෙන් පිටවෙලා මාස දෙකක්‌වත් නැහැ නේද රත්තරනේ. කවුද අපේ අහිංසක දරුපවුලට මේවගේ නස්‌පැත්තියක් කළේ. ඔයා එදා උදේ මට කතා කරලා ඉක්‌මනට මාව ගෙන්න ගන්නවා කීවේ මේ විධියට ඉන්නවා දකින්නද? මගේ රත්තරනේ. ළමයි දෙන්නටයි මටයි යන කල මොකද්ද ජේසුනේ. මම රට ගිහින් අපි දෙන්නා වෙන්වුණේ අපේ පවුල ගොඩගන්නයි. මේ ටික දවසෙදි අපිව සදහටම වෙන්කරලා දාපු අයට නියම දඬුවම ලබාදෙන්න ජේසුනේ'' යයි පවසමින් මැදපෙරදිග රැකියාවකට ගොස් සිට ඊයේ (17 දා) උදැසන නිවසට පැමිණි ඇය හඩා වැළපුනාය.
නිලූකා සුදර්ශනී තම දරුපැටවුන් දෙදෙනා තුරුළු කරගෙන ප්‍රශ්න කරන්නේ තමන් නොමැතිව සිටි මාස දෙක තුළ දරු පවුලට සිදුවූ විපතට වගකිවයුත්තේ කවුරුන්ද යන්නයි. තම දරු පවුලට මින් මතු දුක් විඳීමට සිදුවන්නේ මොන වරදකටද යන්න ඇය හඬනගා ප්‍රශ්න කරයි.
ආයෙමත් තමන්ට පිටරටකට යැමට නොහැකි වනවාසේම තමන්ගේ නිවසේ මිණි පහනද නිවීගොස් හමාර බව ඇය කියයි. තම දරු පැටවුන්ට ආරක්‍ෂාව දුන් පියා අද කුරිරු මිනිසුන්ගේ ගොදුරක්‌වී ඇති බවද ඇය හඬමින් කීවාය.

No comments:
Post a Comment